May 25, 2020

විවාහ උත්සව සැලසුම් කරන අයට උපදෙස්

නුදුරු දිනවලදී විවාහ මංගල්‍ය උත්සව පැවැත්වීමට සැලසුම් කරන්නේ නම් එම උත්සව උපරිම වශයෙන් ආරාධිතයින් 100 දෙනෙකුට සීමා කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

විවාහ මංගල්‍ය උත්සව මෙන්ම අනෙකුත් සියලූම උත්සව සංවිධාන කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ අනුව බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සෞඛ්‍ය වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා පවසා තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top