May 25, 2020

නිව්යෝක් ටයිම්ස් මුල්පිටුව වෙනස් වුන හැටි

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් ඊයේ දිනයේදී (24) සිදුකළ සුවිශේෂී වෙනස්කමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සාමාන්‍යයෙන් පළ වන ලිපි, ඡායාරූප හෝ ග්‍රැෆික්ස් යනාදිය වෙනුවට, එහි මුල් පිටුවේ පළවී තිබුණේ Covid-19 වසංගතයට බිලිවූ ඇමෙරිකානු ජාතිකයන් ගේ ලැයිස්තුවකි.

Covid-19 වසංගතය හේතුවෙන් ඇමෙරිකාවෙන් වාර්තා වන මරණ ප්‍රමාණය 100,000 කරා ළඟා වෙත්ම, මෙම අමිහිරි සන්ධිස්ථානය ස්මරණය කිරීමට නිව්යෝර්ක් ටයිම්ස් කතුවරුන් ගත් පියවරක් වශයෙන් මෙම ලැයිස්තුව පළවී තිබේ.

ලක්ෂයකට ආසන්න මරණ දැන්වීම් වලින් මියගිය පුද්ගලයන් දහසක් මෙම ලැයිස්තුවට එක්කර ඇත. ඔවුන් ගේ නම, වයස, උපන් නගරය මෙන්ම ඔවුන්ගේ ජීවිතය පිළිබඳ කියාපාන ඔවුන්ට ආවේනික වූ කෙටි විස්තරයක් සමඟින් මෙම ලැයිස්තුව සම්පාදනය කර තිබේ.

මෙම මුල්පිටුව දිස්වන අයුරු දැක්වෙන ඡායාරූපයක් නිව්යෝර්ක් ටයිම්ස් විසින් සෙනසුරාදා රාත්‍රියේදී සමාජ ජාල වලට නිකුත් කළ අතර, එය ඉතා ඉක්මනින් ජනප්‍රිය විය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top