May 25, 2020

වරායට පාන් වැලිකඩ බන්ධනාගාරයෙන්: ඇවන්ගාඩ් වැඩක් (වීඩියෝ) Featured

වරාය අධිකාරියට අවශ්‍ය බේකරි නිෂ්පාදන වැලිකඩ බන්ධනාගාරයෙන් සැපයීමේ ගිවිසුමකට ඉදිරි සතියේදී අත්සන් කරන බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා කියයි.

බන්ධනාගාරගත රැඳවියන් පුනරුත්ථාපනය කර රැකියා නියුක්තිකයන් ලෙස සමාජගත කිරීම සඳහා ඇවන්ගාඞ් ආයතනය හා එක්ව ක්‍රියාත්මක කරන වැඩසටහන යටතේ මේ කාර්ය සිදු කෙරෙන බවද ඔහු කියා සිටියේය.

ඒ යටතේ වෘත්තීන් කිහිපයක් සඳහා රැඳවියන් යොමු කරවීමට අවශ්‍ය කටයුතු දැනටමත් සූදානම් කර ඇති බවද කියා සිටි ඒ මහතා පුහුණු කරන ලද බන්ධනාගාර රැඳවූවන් ඉදිරියේදී ඉදි කිරීම් සමාගම්වල රැකියා සඳහා යොමු කිරීමට නියමිත බව ද ඔහු කීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top