May 26, 2020

මද්දකට හසු වූ කළු කොටියා බේරයි (ඡායා) Featured

අද (26) දින මද්දකට හසු වූ කළු කොටියෙකු නිදහස් කිරීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබේ.

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වතුයායේ වාලමලෙයි කොටසේ වතු කොවිල අසල එලවළු වගා භුමියක කිසියම් පිරිසක් විසින් වන සතුන් දඩයම් කිරීම සදහා අටවන ලද මද්දකට මෙම කළු කොටියා හසු වී තිබේ.

අවුරුදු 08 ක් පමණ වයසැති දිගින් අඩි 6 ක් සහ උස අඩි 4 ක් පමණ යුක්ත මන්දට හසු වි ඇති කළු කොටියා හොදින් වැඩුණු කොටියෙකු බවත්, වනජීවී නිර්වින්දන පශුවෛද්‍යවරයාගේ සහය ඇතිව මෙම සත්ත්වයාව නිදහස් කිරීමට කටයුතු කළ බවත් නල්ලතන්නිය වනජීවි කාර්යාලය සඳහන් කරයි.

BlackLBlackL 002

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top