Pasidol
Sathosa Ad Final Sinhala
Feb 10, 2017

'හිරේ ගියත් උසාවි නියෝගය පිළිගන්නේ නෑ' - කාලෝ

මාලඹේ සයිටම් ආයතනයෙන් අධ්‍යාපනය ලබන සිසුන් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ලබා දුන් අභියාචනාධිකරණ නියෝගය කිසිසේත්ම පිළිනොගන්නා බවත් එම නියෝගය ක්‍රියාත්මක කරන්නට නම් ආණ්ඩුවට තමන් තනතුරෙන් ඉවත් කරන්නට සිදු වන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා 'රාවය' පුවත්පතට පවසා තිබේ.

උසාවි නියෝගය තමා ප්‍රතික්ෂේප කරන අතර එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තමා අත්අඩංගුවට ගත්තත් තම ස්ථාවරය වෙනස් නොකරන බව ඔහු අවධාරණය කර සිටියි.

කිනම් ආයතනය කිනම් තීන්දුවක් ලබා දුන්නත් එය පිළිනොගන්නා බව ද කාලේ ෆොන්සේකා මහතා පවසයි.

කෙසේ වෙතත් සයිටම් ආයතනය ගැන සාකච්ජා කිරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එළැඹෙන 17 වනදා රැස්වීමට නියමිතය.

සබැඳි පුවත් :

"නීතිය බූරුවෙක්ද?" - කාලෝ අසයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top