May 28, 2020

කොරෝනා ගැන බොරු කියපු 400ක් ගැන විමර්ශන

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරවීමේ සිදුවීම් 400 කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක් විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එවැනි අසත්‍ය ප්‍රචාර පැතිරවීම සම්බන්ධයෙන් මේ වනවිට 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු සාමාජිකයෙකු, වෛද්‍යවරයෙකු, විශ්වවිද්‍යාල පරිපාලන නිලධාරියෙකු හා විශ්වවිද්‍යාල සිසුවෙකු ඒ අතර වේ.

පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ සිදු කළ විමර්ශනවලින් අනතුරුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top