May 28, 2020

රැස්වීම් තියනවා නම් අවසර අරං මීටරයක දුරින් ඉන්න

කොරෝනා වයිරසයත් සමඟ ඇතිව තිබෙන තත්ත්වය හමුවේ එළිමහනේ හෝ ගෘහස්ථ ස්ථානයක ප‍්‍රසිද්ධ රැස්වීම් පවත්වන්නේ නම් ඒවා මීටරයක දුරකින් පැවැත්වීමට හා පුද්ගලයින් අඩු සංඛ්‍යාවකට සීමා කළ යුතු බව සෞඛ්‍ය අංශ නිකුත් කර ඇති උපදෙස් මාලාවේ සඳහන් වේ.

වත්මන් තත්ත්වය හමුවේ ප‍්‍රසිද්ධ රැස්වීම් පැවැත්වීම දැඩි ලෙස අනුමත නොකරන නමුත් එසේ රැස්වීම් පවත්වන්නේ නම් ඊට සහභාගීවන සියලූ දෙනා මුහණු ආවරණ පැළද සිටිය යුතු යැයිද එම උපදෙස් මාලාවේ සඳහන් වී තිබේ.

සහභාගිවන සියලූ දෙනා සදහා සබන් ගා අත සේදීමට හෝ ඇල්කොහොල් අඩංගු අත්සේදීම් දියර ලබාදිය යුතු වේ.

මෙසේ උපදෙස් නිකුත්කර ඇතත් එම රැස්වීම් පැවැත්විය හැකි වන්නේ ඒ සඳහා අවසර ලබාගැනීමෙන් පසුව බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් අවධාරණය කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top