Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Feb 11, 2017

ඇමැති මාරුව මාර්තුවේ - වරාය ඇමැතිකම රවීට Featured

පසුගිය සතියේ 06දා ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට නියමිතව තිබුණු ඇමැති මණ්ඩල සංශෝධනය ජනාධිපතිවරයාත් අගැමතිවරයාත් ඇතුළු පක්ෂ දෙකේ නායකයන්ගේ එකඟත්වයෙන් මාර්තු මාසය දක්වා කල් තබා ඇත.

මාර්තු මාසයේ කෙරෙන සංශෝධනයේ දී මුදල් ඇමැති රවී කරුණානායක මහතාට වරාය හා නාවික අමාත්‍ය ධුරය ලැබෙන්නට බොහෝදුරට නියමිතව ඇති බව දැනගන්නට ලැබේ.

මුදල් අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් යෝජනා දෙකක් ඉදිරිපත් වී තිබේ.

එකක් නම් ආචාර්ය සරත් අමුණුගම මුදල් ඇමැතිවරයා ලෙස පත් කිරීමය.

 
මුදල් විෂය අගමැතිට :

එහෙත්, මුදල් ඇමැති ධුරය එක්සත් ජාතික පක්ෂයට වෙන් කර දුන් ඇමැති ධුරයක් නිසා අගමැතිවරයා යටතට මුදල් විෂය පැවරීමට ද යෝජනා වී ඇත.

එසේ වුවහොත් නියෝජ්‍ය මුදල් ඇමැතිවරයකු යටතේ අමාත්‍යාංශයේ කටයුතු පවත්වාගෙන යෑමට යෝජනා වී තිබේ.

දේශීය මෙන්ම විදේශීය මුල්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ට කීර්තිනාමයක් දරා සිටින ඉරාන් වික්‍රරත්න මහතා මුදල් නියෝජ්‍ය ඇමැති ධුරයට පත් කළ යුතු යැයි යෝජනා වී ඇත.


කිරිඇල්ලෙටත් වෙනසක් :


ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ඇමැති ධුර වෙනස්වී ඔහුට අධිකරණ ඇමැති ධුරය  ලැබෙනු ඇතැයි දැනගන්නට තිබේ.

විජේදාස රාජපක්ෂ අර්ජුන රණතුංග හා චන්දිම වීරක්කොඞ් යන ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශ ද වෙනස් වීමට නියමිතය.


(රාවය)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top