May 29, 2020

මද්දකට හසුව බේරාගත් කළු කොටියා මියයයි

හැටන්, නල්ලතන්නිය ප්‍රදේශයේදී පසුගිය 26 වැනිදා මද්දකට හසුව බේරා ගත් කළු කොටියා වනජීවි නිලධාරින් භාරයේ ප්‍රතිකාර කරමින් සිටියදී මියගොස් තිබේ.

සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට හා අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගෙන ඇති බව වනජිවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සුරියබණ්ඩාර මහතා පැවසීය.

කළු කොටියා හසුවු මද්ද ඇටවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු පසුගිය 27 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ.

අතිශය දුර්ලභ සත්ත්වයෙකු වන මෙම කළු කොටියා මෙරට සිටි එම වර්ගයේ එකම සත්ත්වයා බවද පැවසේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top