May 29, 2020

දිස්ත්‍රික්ක 5කට නායයාමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් දිස්ත්‍රික්ක 5කට පැනවූ නායයාමේ අනතුරු ඇගවීම් දීර්ඝ කර තිබේ.

ඒ අනුව, රත්නපුරය, කෑගල්ල, නුවරඑළිය, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට අද (29) පස්වරු 2 සිට හෙට පස්වරු 2 දක්වා මෙම අනතුරු ඇඟවීම් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

එමෙන්ම නායයාමක පූර්ව ලක්ෂණ දක්නට ලැබෙන්නේ නම් එම ප්‍රදේශවලින් වහාම ඉවත්වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top