May 30, 2020

SLBC සභාපති ගීත මංකොල්ලයකට සැරසෙන බවට චෝදනා ! Featured

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව තුළ සංරක්ෂිතව ඇති පැරණි ගීත හා වැඩසටහන් එහි සභාපති ජගත් වික්‍රමසිංහ මහතා විසින් පෞද්ගලික අංශයට විකිණීමට සැරසෙන බවට එහි සේකයන්ගෙන් චෝදනා එල්ලවෙමින් ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

වික්‍රමසිංහ මහතා විසින් ගුවන් විදුලි සංස්ථා පුස්තකාලයේ නිලධාරීන්ට එහි ඇති පැරණි වැඩසටහන් හා ගීත ලබන සඳුදාට පෙර ඔහුගේ පෞද්ගලික පරිගණකයේ ගබඩා කරන ලෙසට උපදෙස් දීමත් සමඟ අදාළ විරෝධය තීවුර වී ඇතැයි පැවසේ.

ගුවන් විදුලි සංස්ථා ගීත පුස්තකාලය තුළ ලංකාවේ බයිලා රජු ලෙස සැලැකෙන වොලී බැස්ටියන් මහතා විසින් ගායනා කරන ලද පළමු ගීතයේ මුල් ගීතය පවා සංරක්ෂිතව ඇතැයි වාර්තා වේ.

එසේම එහි විනෝද සමය වැනි වැඩසටහන්වලද මුල් පිටපත් ඇති බව පැවසේ.

පොහොට්ටු වෘත්තීය සමිතිය පරිපාලනයට එරෙහිව පොස්ටර් ගහලා

මේ අතර, වත්මන් සභාපතිවරයාට හා එහි අධ්‍යක්ෂවරුන් හා උපදේශකයන්ට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිය සමිතියේ ගුවන්විදුලි සංස්ථාවේ ශාඛාව විසින් එම පරිශ්‍රය තුළ පෝස්ටර් ව්‍යාපාරයක්ද දියත් කර තිබිණි.

එහිද, "ඩිජිටල් සංරක්ෂණ පුස්තකාලය අවභාවිත කිරීම සම්බන්ධව සොයා බලනු.” යනු වෙන් ඉල්ලීමක් සටහන්ව තිබූ බව වාර්තා වේ.

එහි පහත සඳහන් කරුණු ඇතුළත් කර තිබිණි.SLBC Pohottuwa

  • මෑත කාලයේ ලබාදුන් සියලු පත්වීම් වහා අහෝසි කරනු.
  • අධයක්ෂවරුන්ට ලබාදෙන රු.68.000/- ක ඉන්ධන දීමනාව වහා අහෝසි කරනු.
  • සංස්ථා නිල නිවාස පරිහරණය කරන කොන්ත්‍රාත් නිලධාරීන්ගේ කාලය දීර්ඝ නොකරනු.
  • පසුගිය රජය සමයේ ඉටුකළ අයථා මුදල් ගනුදෙනු සහ ව්‍යාපෘති පිළිබඳව විධිමත් පරීක්ෂණයක් වහාම සිදු කරනු.

ඩිජිටල් සංරක්ෂණ පුස්තකාලය අවභාවිත කිරීම සම්බන්ධව සොයා බලනු.

සබැඳි පුවත්

හඩ්සන් නැවත SLBC සභාපති පුටුවට!: සේවකයින්ට මැයි පඩි බාගයයි

SLBC යට අධ්‍යක්ෂ ජනරාල්ලා 2යි - එක් අයෙක් චෝදනාලත් චන්ද්‍රපාල

SLBC යේ පොහොට්ටු සභාපති - ඇමති බන්දුල සමග ගැටෙයි

"ඉන්ඩිපෙන්ඩන්ට් ආර්කේඩ්” අද SLBC යේ ණය ගෙවයි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top