May 30, 2020

භාණ්ඩ ආනයන කිරීමෙන් ආනයනකරුවන් විසිඑක්දහසක් අනාතයි !

ආනයනය සීමා කිරීමට රජය ගෙන ඇති තීරණය නිසා ආනයනකරුවන් 21,064 ක පිරිසක් හා වාප්පු නියෝජිත ආයතන 4,500 ක පමණ ප්‍රමාණයක් දැඩි අසීරුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ.

ප්ලාස්ටික් භාණ්ඩ,  ක්‍රීඩා උපකරණ, වාහන ඇතුළු අති විශාල භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කිරීම රජය මඟින් මේවන විට තාවකාලිකව අත්හිටුවා ඇත.

මේ හේතුව නිසා අදාල භාණ්ඩ ආනයනය හා සම්බන්ධ ඍජු හා වක්‍ර ක්‍රියාවල යෙදී සිටින ලක්ෂ දහයකට අධික පිරිසක් අසීරුවට පත්ව සිටින බව පැවසේ.

රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා මාධ්‍යයට පවසා ඇත්තේ රුපියලේ අගය පාලනය කිරීම සඳහා ආනයන සීමා කර ඇති බවත්, මේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරමින් ඇති බවත්ය.

මේ වන විට ආනයනකරුවන්ගේ සංගමය මගින් ආනයන සීමා කිරීමේ තීරණය ලිහිල් කරන ලෙස ඉල්ලා තියෙන බව ද ඔහු කියා සිටී.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top