May 30, 2020

වෙබ් අඩවි කිහිපයකට අදත් සයිබර් ප්‍රහාරයක්

මෙරට වෙබ් අඩවි කිහිපයකට අද (30) දිනයේදී සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයේ සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවි මෙලෙස සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියද බලපෑමට ලක්ව තිබුණු නමුත් එය යළිත් ප්‍රතිස්ථාපනය කිරීමට සමත්ව ඇතැයි වාර්තා වේ.

'කලම්බු ගැසට්' වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට මෙම ප්‍රහාරය, මැයි 18දා ද සයිබර් ප්‍රහාරයක් දියත් කළ 'ටැමිල් ඊලාම් සයිබර් ෆෝස්' නම් පිරිස විසින් සිදු කර ඇත.  

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top