May 30, 2020

ට්‍රම්ප්, ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සබඳතා නවතයි

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සමඟ ඇති සබඳතාවය අවසන් කරන බව ප්‍රකාශ කර තිබේ.

මෙයට හේතුව කොරෝනා වෛරස් වසංගතය සම්බන්ධයෙන් චීනය වගකිවයුතු බව දැක්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අපොහොසත් වීම බවට ජනාධිපතිවරයා පවසා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනය විසින් සම්පූර්ණයෙන් පාලනය කරන බවද ඔහු චෝදනා කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලබා දෙනු ලබන ප්‍රදානයන් සහ ආධාර ලොව අනෙක් සෞඛ්‍ය සංවිධාන වෙත පිරිනැමීමට පියවර ගන්නා බවද ඔහු පවසා ඇත.

ඇමරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශාලතම තනි දායකයා වන අතර එය වසර 2019 දී ඩොලර් මිලියන 400කට අධික මුදලක් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ප්‍රදානය කර තිබේ.

මේ අතර විචාරකයන් පෙන්වා දෙන්නේ කොරෝන වසංගතය ඇමරිකාව තුල පාලනය කිරීමට නොහැකිවීමත් එය ඉදිරි ජනාධිපතිවරණයේදී අවාසි සහගත් තත්වයක් නොවනු පිණිස ජනාධිපතිවරයා මෙම චෝදනා එල්ල කරන බවයි.

ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන කොරෝන මරණ සංඛ්‍යාව 102,000 කට වැඩි වන අතර එය මේ වන විට එක් රටකින් වාර්තා වූ  විශාලතම මරණ සංඛ්‍යාව  වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top