May 30, 2020

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා අද (31) අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන යන විට 89 වන වියේ පසුවූ මාර්ෂල් පෙරේරා මහතා 1955 වසරේදී නීතීඥවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නීතිඥවරයෙකු ලෙස කටයුතු කර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධාන බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වන ඒ මහතා මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාගේ ධූර කාලය තුළ දෙවරක්ම ආණ්ඩුකාරවරයෙකු ලෙස කටයුතු කරනු ලැබීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top