May 31, 2020

පාසල් ඇරඹීමට ගතයුතු ක්‍රියාමාර්ග සහ ක්‍රමවේද ඇතුළත් චක්‍රල්ඛයක්

පාසල් යළි ආරම්භ කිරීමෙන් පසු අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් සුදුසු පරිදි සකස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී ඇති බව එහි ලේකම් එම්.එච්.එම් චිත්‍රානන්ද මහතා පවසයි.

ඊට අදාළ උපදෙස් චක්‍රලේඛයක් පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට යොමු කර ඇති බවද යළි පාසල් ආරම්භ කිරීමේදී උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට ප්‍රමුඛතාව ලබා දිය යුතු බව ඒ මහතා සඳහන් කළේය.


එම ක්‍රමවේදය පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව, සෞඛ්‍ය තත්ත්වයන් සහ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට යටත්ව සකස් කළ යුතු වේ.

පාසල් යළි ආරම්භ කරන දිනය නිශ්චිතව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පමණක් සකස් කෙරෙන ක්‍රමවේදයන්වලට අනුකූලව පාසල් පවත්වාගෙන යා යුතු බව ද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top