May 31, 2020

දිස්ත්‍රික් කාර්යාලවලට එන්න එපා - මැතිවරණ කොමිසම

ලබන වසර සඳහා පාසල්වලට ළමයින් ඇතුළත් කර ගැනීමට අවශ්‍ය ඡන්ද හිමි නාම ලේඛන තොරතුරු ලබා ගැනීමට දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට යාමෙන් වළකින ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කර තිබේ.

පවතින වාතාවරණය හමුවේ පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ අයැදුම් පත්‍ර සම්පූර්ණ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මගින් තොරතුරු නිකුත් නොකරන බව ද එම කොමිෂන් සභාව සඳහන් කරයි.

අයැදුම්පත්‍රය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය ආසන්න වර්ෂ 05 ක ඡන්ද හිමි නාම ලේඛනයේ තොරතුරු ලියාපදිංචි වී ඇති ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගෙන් ලබාගත හැකි බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk වෙබ් අඩවියට පිවිස ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කිරීමෙන් ද ඡන්ද හිමි නාම ලේඛන තොරතුරු ලබාගත හැකි වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top