May 31, 2020

ට්‍රම්ප් ජී - 7 සමුළුව කල්දමයි

ලබන ජුනි මස පැවැත්වීමට නියමිතව තිබූ ජී - 7 සමුළුව පැවැත්වීම කල් දමන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් මහතා පවසයි.

එය නැවත ලබන සැප්තැම්බර් මාසයේ හෝ ඉන් පසුව පැවැත්වීම ඔහුගේ අපේක්ෂාව වී ඇති බව වාර්තා වේ.

මීට හේතුව ලෙස ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ ලෝකයේ මේ වනවිට සිදුවෙමින් පවතින දේ පිළිබඳ නියමාකාරයෙන් ජී-7 සමුළුවේදී නියෝජනය නොවනු ඇතැයි තමාට වැටහෙන බවයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top