Jun 01, 2020

ද. ආසියාවේ ලාභෙටම ඉන්ධන, පාකිස්තානයේ - ඉම්රාන් ඛාන්

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ අනෙකුත් රටවල් හා සසඳන විට අඩුම ඉන්ධන මිල පකිස්තානයේ පවතින බව එරට අගමැති ඉම්රාන් ඛාන් පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව ඊයේ (31) පවසා තිබුණි.

“අපි තවදුරටත් පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් තෙල් මිල අඩු කර තිබෙනවා. දකුණු ආසියාවේ අනෙකුත් රටවලට සාපේක්ෂව ලාභම මිලකට ඉන්ධන ඇත්තේ අපිට," යැයි ඔහුගේ ට්විටර් පණිවිඩයේ දැක්වේ.

ඉන්දියාවේ ඉන්ධන මිල මීට දෙගුණයක් පමණ වන බවත්, බංග්ලාදේශයේ, ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ ඉන්ධන මිල මීට වඩා 50% - 75% ක් අතර ප්‍රමාණයකින් වැඩි බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

ImranK1 670px 20 06 01

පාකිස්තානයේ ඇසෝසියේටඩ් ප්‍රෙස් මාධ්‍ය ඒජන්සියට අනුව පකිස්තානු රජය විසින් පෙට්‍රල්, භූමිතෙල් හා ඩීසල් (light diesel) ලීටරයක මිල පිළිවෙලින් පකිස්තානු රු. 7.06කින්, රු. 11.88කින්, හා රු. 9.37කින් අඩු කර තිබේ.

මිල අඩුකිරීම් වලින් පසුව පෙට්‍රල්, භූමිතෙල් හා ඩීසල් ලීටරයක නවතම මිල පිළිවෙලින් රු. 74.52, රු.35.56 සහ රු.38.14 ක් වන බවද එහි දැක්වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top