Jun 01, 2020

නැට්වෙල්ත් සෙකියුරිටීස් ව්‍යාපාර කටයුතුත් මහ බැංකුව අත්හිටුවයි! Featured

නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමට ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් සිදු කරනු ලැබිය හැකි ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අද (01) සිට බලපැවැත්වෙන පරිදි මාස හයක කාල සීමාවක් සඳහා අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පසුගිය 28 වැනිදා පවත්වන ලද මුදල් මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබේ.

ඒ නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමට ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් බලපැවැත්වෙන විධානයන්ට අනුකූල වීමට අඛණ්ඩව නොහැකි වීම සලකා බලමින් හා ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුවය.

මෙම නියාමන ක්‍රියාමාර්ගය සුරැකුම්පත් වෙළෙඳපොළ කටයුතු කෙරෙහි අගතිදායක ලෙස බල නොපාන බවට සහතික වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී. එසේ ම නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමේ ගනුදෙනුකරුවන්ගේ සහ ප්‍රතිපාර්ශ්වයන්ගේ හිමිකම්වලට හානි නො වන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග ද නිසි පරිදි ගන්නා බව මහ බැංකු පාර්ශවය කියා සිටී.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top