Jun 01, 2020

තාවකාලික පදිංචිකරුවන්ට ආසන්නම පොලිසියේ ලියාපංදිචි වෙන්න කියයි

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිටින සියලූම තාවකාලික පදිංචිකරුවන්ට ආසන්නම පොලිස් ස්ථානයේ ලියාපංදිචි වන ලෙස පොලිසිය දැනුම් දී තිබේ.

ඒ අනුව ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී නොමැති තාවකාලික පදිංචිකරුවන් සියලූ දෙනා එලෙස ලියා පදිංචි විය යුතුය.

මෙම වැඩිපිළිවෙල ක්‍රියාත්මක කිරීම ජාතික ආරක්ෂාවටද පහසුවක් වන බව පොලිසිය සඳහන් කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top