Jun 01, 2020

කටුනායක ගුවන් තොටේ PCR පරීක්ෂාව අද සිට

මෙරටට පැමිණෙන සියලූ ගුවන් මගීන් සදහා පි.සී.ආර් පරීක්ෂාව කටුනායක ගුවන් තොටුපළේ දී අද (01) සිට ආරම්භ කර තිබේ.

එම පරීක්ෂාවේ ප්‍රතිඵලය අනුව පැමිණෙන සියලූ දෙනා රෝහල්ගත කිරීම හා නිරෝධායනයට යොමු කෙරෙන බවයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියාසිටියේය.

කොවිඞ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා පත් කළ ජනාධිපති කාර්යය සාධන බලකාය විසින් ගත් තීරණයක් අනුව මෙම පියවර ගත් බව ද ඇමතිවරයා මෙහි දී සඳහන් කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top