Jun 01, 2020

සජින්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම කෙරෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අවධියේ රුපියල් කෝටි 30 කට අධික මුදල් හා වත්කම් අයථා ලෙස උපයා ගත්තේ යැයි චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 18 වැනිදා යළි ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (01) නියම කළේය.

එදින සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා විනිසුරුවරයා විසින් නියෝගයක්ද නිකුත් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ කාලසීමාව තුළ  සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් කෝටි 30 කට අධික වත්කම් හා මුදල් අයථා ලෙස උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top