Jun 01, 2020

ඉන්දියානුවන් 700ක් ගෙනියන්න කොළඹට ආ නැව!

ශ්‍රී ලංකාවේ රැදී සිටින ඉන්දියානු ජාතිකයින් 700ක පිරිසක් රැගෙනයාම සඳහා අද (01) පෙරවරුවේ ඉන්දියානු නාවික හමුදාවට අයත් INS Jalashwa නැව කොළඹ වරායට ‍පැමිණියේය.

COVID 19 වසංගතය ව්‍යාප්ත වීමත් සමග පනවන ලද සංචාරක සීමාවන් හේතුකොටගෙන ලොව සියළුම රටවල් ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කිරීම හේතුවෙන් සිය මව් රට බලා යාමට නොහැකිවූ පිරිස් බොහෝ රටවල කොටුවිය.

රටතුල පවතින තත්වය මත එම නෞකාවෙහි කිසිදු නාවික පුද්ගලයෙකු ගොඩබිමට ගෙන්වා නොගැනීමට කටයුතු කරන ලද අතර, මෙරට සිටි ඉන්දියානු ජාතිකයින් සියළු දෙනාම අදාල නෞකාව වෙත ගොඩනැංවීමට ප්‍රථම ඔවුන් පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමටද නාවික හමුදාව මෙහිදී කටයුතු කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top