Jun 01, 2020

අශෝක ස්ටීල් දඟර කම්බි ටොන් 14ක් විකිණීම අත්හිටුවයි: මීළඟට RS Featured

වත්තල හේකිත්තේ පිහිටි අශෝක් ස්ටීල් පුද්ගලික සමාගමට (Ashok Steel Industries (Pvt) Ltd) අයත් ගබඩාවක තිබූ දඟර කම්බි ටොන් 14ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අද (01) විකිණීම අත්හිටුවන ලැබීය.

ඒ අදාළ ස්ථානය පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමෙන් පසුව අදාළ කම්බි තොගය SLS ප්‍රමිතියෙන් තොර බවට මතුවූ සැකයක් හේතුවෙනි.

මේ අනුව එම කම්බි තොගයෙන් ගත් සම්පල කිහිපයක් පරික්ෂ කිරීමට ප්‍රමිති ආයතනයට යොමුකර ඇති බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අශෝක ස්ටීල් ආයතනය ඉන්දීය සමාගමකි.

අශෝක් ස්ටීල් පුද්ගලික සමාගම (Ashok Steel Industries (Pvt) Ltd) හා ආර්.එස්.ස්ටීල් යකඩ බාර් නිෂ්පාදකයින් වන අයි.ඩබ්ලිව්.ඩබ්ලිව්. ස්ටීල් ඉන්ඩස්ට්‍රීස් (IWW Steel Industries (Pvt.) Ltd) වසර ගණනක සිට බාල දඟර කම්බි නිෂ්පාදනය කරමින් දැවැන්ත වංචාවක් සිදු කරන බව අප අද පෙරවරුවේ අනාවරණය කනු ලැබීය.

එසේම පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ ඇතුළු පිරිසක් පසුගිය දිනක අදාළ සමාගම් දෙකේ තත්ත්වයෙන් බාල දඟර කම්බි ද රැගෙන තත්ත්වය පරික්ෂා කරන්නැයි කියමින් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියට ගොස් පැමිණිලි කරනු ලැබීය.

අදාළ පැමිණිල්ලට අනුව අද අශෝන ස්ටීල් පරීක්ෂා කර ඇති අතර ඉදිරියේදී RS ස්ටීල් ආයතනයේ කම්බි පරික්ෂා කිරීමට නියමිත බව පැවසේ.

මේ අතර, පාරිභෝගිකයන් පිරිසක් අදාළ සමාගම් දෙකේ SLS සහතිකය අභෝසිකරන ලෙස ඉල්ලමින් නඩු පැවරීමට සූදානම් වන බවද වාර්තා වේ.

සබැඳි පුවත්
අශෝක් ස්ටීල් හා RS ස්ටීල් කම්බි ලොවේ කම්බ හොරු?

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top