Jun 02, 2020

මාලිගාවත්තේ වෙඩි තැබීමේ සිද්ධියට 3ක් අත්අඩංගුවට

මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයකදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට තවත් අයෙක් දැලේ

මොරටුව, සොයිසාපුර ව්‍යාපාරික ස්ථානයකට වෙඩි තැබීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ අකුරැස්ස රුහුණුගොඩහේන බලකාවල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

ඔහු පසුගිය 19 වැනිදා සොයිසාපුර ව්‍යාපාරික ස්ථානයකට පහරදී දේපොළවලට හානි සිදු කර පුද්ගලයෙකුට තුවාල සිදුකිරීම සහ පසුගිය 28 වැනිදා එම ව්‍යාපාරික ස්ථානයටම ස්වයංක්‍රීය අවිවලින් වෙඩි තබා පලායාමට අනුබලදීමට අදාළ සැකකරුවෙකු වන බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top