Jun 02, 2020

ඡන්දය ගැන පෙත්සම් විභාගයට අවසර නොදී ප්‍රතික්ෂේප කරයි Featured

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ යෝජිත මහමැතිවරණය ජුනි 20 වැනිදා පැවත්වීමේ ගැසට් නිවේදන බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අවසර නොදීමට ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළු මොහොතකට පෙර තීරණය කර තිබේ.

දින 10 ක කාලයක් මීට අදාලව ඉදිරිපත් වී තිබූ පෙත්සම්වල අඩංගු කරුණු, අගවිනිසුරු ජයන්ත ජයසුරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමෙන් අනතුරුවයි අද මෙම නියෝගය ලබා දී තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top