Jun 02, 2020

තීන්දුවක් ගන්න හෙට මැතිවරණ කොමිසම රැස්වෙනවා - මැකෝ

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට මැතිවරණ කොමිසම රැස්විය යුතු බවත්, හෙට (03) පෙරවරුවේද මැතිවරණ කොමිසම රැස්වන බවත්, එහිදී තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටී.

අද (02) පෙරවරුවේද මැතිවරණ කොමිසම රැස්වූ බවත් ඔහු සඳහන් කළේය.

නිෂ්චිත කොමිෂන් සභාවේ රැස්වීම් දිනය යෙදී ඇත්තේ ලබන 08 වැනිදාට බවත්, ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ස්ථිර තීන්දුවක් ගනු ලබන්නේ එදිනට බවද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

හෙට දිනයේදී බොහෝවිට මැතිවරණ කොමිසම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ඇති බවද ඔහු කියා සිටියේය.

දැනට ප්‍රායෝගික තත්ත්වය පිළිබඳව කිසිවක් කිව නොහැකි බවද කී දේශප්‍රිය මහතා මේ අවස්ථාවේ මැතිවරණ කොමිසමේ සිටින්නේ තමා හා රත්නජීවන් හූල් මහතා පමණක් බවත්, කොමිෂන් සභාවේ වැඩ අවසන් කර නීතීඥ නලින් අබේසේකර මහතා මේ වන විට නිවසට ගොස් ඇතැයි ද ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top