Jun 03, 2020

8දා සිට රාජ්‍ය සේවකයින්ගේ කොවිඩ් නිවාඩු ඉවරයි Featured

ලබන සතියේ සිට සියලුම රාජ්‍ය සේවකයින් සේවා ස්ථානවලට කැඳවීමට හැකිවනු ඇති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් අද හෙටම තීරණයක් ප්‍රකාශයට පත්කරන බවද ලේකම්වරයා කීවේය.

ලබන සඳුදා (08 වැනිදා) සිට දිස්ත්‍රික් අතර පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීමටද 10 වැනිදා සිට කලින් ආසන වෙන් කරවා ගැනීමකින් තොරව දුම්රියේ ගමන් කිරීමට අවසර දීමටද මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර ඇති අතර මෙම තත්ත්වය මත ගමනා ගමනය සම්බන්ධයෙන් ගැටලුවක් මතු නොවන බවද ලේකම්වරයා පැවසීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top