Jun 03, 2020

ඊයේ Covid-19 ආසාදිතයන් 66ක් (Update)

ඊයේ (03) දිනය වාර්තා වූ සමස්ත Covid-19 ආසාදිතයන් ගණන 66කි.
මොවුන් අතරින් 35 දෙනෙකු විදෙස් රටවලින් පැමිණි පුද්ගලයන් වන අතර, (කටාර් වලින් 19, බංගලාදේශයෙන් 14, කුවේට් වලින් 02) ඉතිරි 31 දෙනා නාවික හමුදා සාමාජිකයන් වේ.
 
-------------------------------------------------------

දෙවැනි පුවත 2020 ජුනි 03 ප.ව. 20.13

Covid-19 ආසාදිතයන් ගණන 1,730ක් වෙයි!
 
අද (03) දිනය තුළදී තවත් Covid-19 ආසාදිතයන් 13 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1,730 දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගත විද්‍යා අංශය විසින් අද (03) ප.ව. 8.30ට පළ කළ නවතම වාර්තාව අනුව මේ වන විට රෝගීන් 883 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර, සුවය ලැබූ රෝගීන් 836 ක්ද වේ. තවද, මේ දක්වා Covid-19 හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 11කි.
 
-------------------------------------------------------

මුල් පුවත 2020 ජුනි 03 ප.ව. 08.15

Covid-19 ආසාදිතයන් ගණන 1,717ක් වෙයි!

අද (03) දිනය තුළදී Covid-19 ආසාදිතයන් 34 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1,717 දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගත විද්‍යා අංශය විසින් අද (03) ප.ව. 6.45ට පළ කළ නවතම වාර්තාව අනුව මේ වන විට රෝගීන් 870 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර, සුවය ලැබූ රෝගීන් 836 ක්ද වේ. තවද, මේ දක්වා Covid-19 හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 11කි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top