Jun 04, 2020

මෙවර පොසොනට දන්සැල් එපා

මෙවර පොසොන් පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව දන්සැල් නොපවත්වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

දන්සැල් සංවිධානය කිරීමට කිසිදු අනුමැතියක් ලබාදී නොමැති බව එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.  

කොරෝනා වෛරස් තත්ත්වය පාලනය කර ගනිමින් කටයුතු කරගෙන යාමට සෞඛ්‍ය අංශ වෙත මහජනතාවගේ සහයෝගය බලාපොරොත්තු වන බවද ඒ මහතා අවධාරණය කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top