Jun 04, 2020

කොරෝනා කාලේ ආදායම් බදුවලට දඩ නෑ

කොරෝනා හෙවත් කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් රට වසා තැබූ කාලයේ සිට ජුනි 20 වැනිදා තෙක් දඩ ගෙවීමකින් තොරව ආදායම් බදු ගෙවීමට අවස්ථාව ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

“දේශීය ආදායම් පනත අනුව නියමිත කාලයට බදු නොගෙවීම නිසා දඩ මුදලක් අයකරනවා. නමුත් රට වසා තිබූ කාලය තුළ කිසිම දඩයකට යටත් නොවී ආදායම් බදු ගෙවීමේ අවස්ථාව තිබෙනවා. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා” යැයි අද (04) මීට සුළු වේලාවකට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top