Jun 04, 2020

ජෝර්ජ් ෆ්ලොයිඩ් ට කලින් Covid-19 තිබිලා! Featured

මිනියාපොලිස් පොලිස් නිලධාරියෙකු විසින් මාංචු දමා බලහත්කාරයෙන්, කෲර ලෙස රඳවාගෙන සිටියදී මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ් Covid-19 ආසාදිතයෙකු ලෙස මීට කලින් හඳුනාගෙන තිබුණු බව වාර්තා  තිබේ.

තමාට හුස්ම ගැනීමට අපහසු බවට යළි යළිත් ෆ්ලොයිඩ් බැගෑපත් වුවත්,මිනියාපොලිස් පොලිස් නිලධාරියෙකු වූ ඩෙරෙක් චෝවින් තවදුරටත් සිය දණහිස ෆ්ලොයිඩ් ගේ ගෙළට තදකරන අයුරු දිස් වෙන වීඩියෝ දසුන් අන්තර්ජාලයට එක්වීමත් සමග කළු ජාතිකයන් ට එරෙහිව සිදුවන මෙවැනි අසාධාරණ ක්‍රියා වලට එරෙහිව ඇමෙරිකාව පුරා දැවැන්ත උද්ඝෝෂණ ඇරඹුණි.

මෙම උද්ඝෝෂකයන් පොලිසිය හා ගැටීමත් සමග ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් රටපුරා වාර්තා විය. මේ වන විට මෙම උද්ඝෝෂණ ලොවපුරා රටවල් ගණනාවකද පවත්වා තිබේ.

ෆ්ලොයිඩ් ගේ මරණ පරීක්ෂණය වාර්තාවේ දැක්වෙන්නේ ඔහු හෘදයාබාධ්‍යකින් මියගිය බවයි. මේ වන විට මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඩෙරෙක් චෝවින් හට චෝදනා එල්ල වී ඇත. මෙම සිද්ධියට සහය දුන් බවට තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකුට චෝදනා එල්ල වී තිබේ.

මරණ පරීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඔහු අප්‍රේල් 03 දිනයේදී සිදුකළ පරීක්ෂණයකදී Covid-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනුනද, රෝග ලක්ෂණ නොපෙන්වන වාහකයෙක් (asymptomatic) වූ බවයි. ඔහුගේ පෙනහළු නීරෝගී ලෙස දිස්වුවත්, ඔහුගේ හෘදවස්තුවේ ඇතැම් ධමනි සිහින් වී තීබුණු බව එහි දැක්වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top