Jun 04, 2020

ලයිසන් රජයෙන් විතරයි - පුද්ගලික ආයතනවලින් බෑ Featured

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා පවත්වන ප්‍රායෝගික පරීක්ෂණය බාහිර පාර්ශව වෙතින් ඉටුකර ගැනීමට ගෙන තිබූ තීරණය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත.

එම තීරණය අවලංගු කර අදාල විභාගය රජය විසින් පැවැත්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මෝටර් රථ පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් මීට ඉහතදී ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දී ඇති බව සඳහන් වේ.

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා පවත්වන ප්‍රායෝගික පරීක්ෂණය බාහිර පාර්ශව වෙතින් ඉටුකර ගැනීම සඳහා පසුගිය රජය 2017 වසරේදී ගත් තීරණය අවලංගු වන අතර එය පෙර පරිදි රජය විසින් පැවැත්වීමට කටයුතු කරන බව මගී ප්‍රවාහන කලමනාකරණ අමාත්‍යාංශය විසින් අවධාරණය කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top