Jun 04, 2020

උසස් පෙළ හා ශිෂ්‍යත්ව තීරණ පාසල් ආරම්භයෙන් පසු Featured

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ලබන්නේ පාසල් ආරම්භ කිරීමෙන් පසුව බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

‘‘පවතින තත්ත්වය අපි බලා ඉන්නවා. මුලින්ම පාසල් ආරම්භ කළ යුතුයි. තවම පාසල් ආරම්භ කිරීමේ තීරණයක් නැහැ. විභාග සම්බන්ධයෙන් යම් තීරණයක් ගැනෙන්නේ පාසල් ආරම්භ කිරීමෙන් පසුව’’ බව විභාග කොමසාරිස්වරයා පවසා තිබේ. 

පිරිවෙන් ආරම්භයත් පාසල් ආරම්භක දිනයේදීම

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු පිරිවෙන්, සෞඛ්‍ය බලධාරීන්ගේ නිගමනයන්ට යටත්ව පාසල් යළි ආරම්භ කරන දිනයේම විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පිරිවෙන් විවෘත කිරීම සම්බන්ධයෙන් මේ වනතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේය.

පිරිවෙන් විවෘත කරන තෙක් බාහිර ගුරු භවතුන්ගේ සහභාගීත්වයෙන් තොරව නේවාසික ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පවත්වාගෙන යන වන පොත් කිරීම් සහ වත් පිළිවෙත් කිරීම් කිසිදු බාධාවකින් තොරව සිදුකිරීමට හැකි බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top