Jun 04, 2020

අමෙරිකානු තානාපති නිලධාරියෙක් PCR එපා කියා රටට ඇතුළු වෙයි

කොළඹ අමෙරිකානු තානාපති කාර්යාල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු කටුනායක ගුවන් තොටුපළේදී පී.සී.ආර් පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වී ඇති බව වාර්තා වේ.

ඒ අද (04) අලුයම 1.30ට පමණ කටාර් ගුවන් සේවයට අයත් යානයකින්ය.

තානාපති වරප්‍රසාද යටතේ PCR කළේ නෑ

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි මහතා පවසා ඇත්තේ ඔහු තානාපති වරප්‍රසාද යටතේ පී.සී.ආර් පරීක්ෂණය සිදු නොකර මුදා හැරිය බවය.

තම රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවට පැමිණීම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ ජාත්‍යන්තර සම්මුති, ප්‍රමිතීන් හා ක්‍රියා පටිපාටිවලට අනුකූලව සිදු වන බව මේ සම්බන්ධයෙන් කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලයෙන් කළ විමසීමකදී සඳහන් කර තිබේ.

(නිව්ස් ෆස්ට්)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top