Jun 04, 2020

අද හමු වූ Covid-19 ආසාදිතයන් ඉහළට (update)

අද (04) දිනයේදී තවත් Covid-19 ආසාදිතයන් 07 දෙනෙකු වාර්තා වී තිබේ.

මේ අනුව අද දිනයේදී මේ දක්වා වාර්තා වූ ආසාදිතයන් ගණන 40 දක්වාද, මේ දක්වා වාර්තා වූ සමස්ත Covid-19 ආසාදිතයන් සංඛ්‍යාව 1,789 දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගත විද්‍යා අංශය විසින් අද (04) ප.ව. 4.15ට පළ කළ නවතම වාර්තාව අනුව මේ වන විට රෝගීන් 939 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර, සුවය ලැබූ රෝගීන් 839 ක්ද වේ. තවද, මේ දක්වා Covid-19 හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 11කි.

----------------------------------------------------------------------------------------------------------

(මුල්පුවත : ප.ව. 4.14 2020 ජුනි 04)

අද Covid-19 ආසාදිතයන් 33ක් හමුවෙයි

අද (04) දිනයේදී මේ දක්වා Covid-19 ආසාදිතයන් 33ක් වාර්තා වී තිබේ.

මේ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වූ සමස්ත Covid-19 ආසාදිතයන් සංඛ්‍යාව 1782 දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගත විද්‍යා අංශය විසින් අද (4) ප.ව. 3.15ට පළ කළ නවතම වාර්තාව අනුව මේ වන විට රෝගීන් 932 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර, සුවය ලැබූ රෝගීන් 839 ක්ද වේ. තවද, මේ දක්වා Covid-19 හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 11කි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top