Jun 05, 2020

ඛනිජ තෙල් සංස්ථාව ලිහිසි තෙල් නිෂ්පාදනය අරඹයි

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ප්‍රථම වතාවට  ලිහිසිතෙල් (Lubrication Oil) නිෂ්පාදනය ආරම්භ කරනු ලැබ තිබේ.

ශ්‍රී ලංකාවේ වාර්ෂික ලිහිසිතෙල් භාවිතය ගත් විට කිලෝලීටර් 65000 ඉක්මවයි.

මෙතෙක් අප රටට අවශ්‍ය ලිහිසි තෙල් ආනයනය කිරීම නිසා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් විදේශ කරා මෙරටින් ඇදී ගියේය.

අප රටේ ලිහිසි තෙල් නිෂ්පාදනය කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් මුලික කටයුතු ආරම්භ කර තිබුණත් විවිධ හේතුන් මත එම නිෂ්පාදන කටයුතු ආරම්භ වී නොතිබිණි.

මේ වනවිට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉදි කරන ලද අතිනවීන යන්ත්‍රාගාරයක ලිහිසි තෙල් නිෂ්පාදන කටයුතු ආරම්භ කරනු ලැබු බව එම සංස්ථාවේ ඉහළ කළමනාකාරිත්වය විසින් විදුලිබල හා බලශක්ති, ප්‍රවාහන  සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාහට දැනුම් දී තිබේ.

මෙම අතිනවීන උපංග සහිත යන්ත්‍රාගාරයේ වාර්ෂික ලිහිසි තෙල් නිෂ්පාදන ධාරිතාවය කිලෝ ලීටර් මිලියන 33ක් බව වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top