Jun 05, 2020

අපේක්ෂකයින්ට ආචාර ධර්ම ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් වෙයි

ඡන්ද විමසීම්වලදී තරග කරනු ලබන අපේක්ෂකයින් අනුගමනය කළ යුතු ආචාර්ය ධර්ම හා මාධ්‍ය උපමාන ඇතුළත් ගැසට් නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව මාධ්‍ය උපමාන 36කින් සමන්විතව ආදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනය නිකුත් කළ දින සිට ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරිම දක්වා කාලය තුළ ආචාර්යධර්ම පද්ධතිය වලංගු වන බව එම නිවේදනයේ දැක්වේ.

මේ අතර මැතිවරණයට ආදාළ තවත් ගැසට් නිවේදනයක් අද (05) ප්‍රකාශයට පත් කිරිමට නියමිත බව රජයේ මුද්‍රණාලය සදහන් කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top