Jun 05, 2020

ගැසට්ටුවටත් කලින් අපේක්ෂකයින් මනාප අංක එක්ක ප්‍රචාරණය අරඹලා

ඉදිරි මහ මැතිවරණයට අදාල මනාප අංක මෙතෙක් නිතුක් කර නොමැති පසුබිමක ඇතැම් අපේක්ෂකයින් ඔවුන්ගේ මනාප අංක ඇතුලත් කරමින් ප්‍රචාරණ කටයුතු ආරම්භ කර ඇති බව මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඇතැම් අපේක්ෂකයින් මනාප අංක ඇතුලත් කරමින් ස්ථාන කිහිපයක පෝස්ටර් අලවා ඇති බව හා සමාජ මාධ්‍ය ඔස්සේ මනාප අංක ප්‍රචාරය කරන බවට පැමිණිලි රැසක් ලැබි ඇති බව එහි සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පවසයි.

මේ පිළිබද සොයා බලා විධිමත් පියවර ගන්නා ලෙසද මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමෙන් ලිඛිත ඉල්ලිමක් කළ බවද ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් ඉදිරියේදී එම මනාප අංක නිකුත් කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ යැයි හෙතෙම පැවසීය.

එබැවින් මනාප අංකයක් ලබාදීමට පෙර අංකයක් ප්‍රදර්ශනය කිරීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බව වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top