Jun 05, 2020

තුන් මසකට ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබාගැනීමට අයවැය චක්‍රලේඛයක්

ජුනි 1 වැනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා මාස 3ක කාලය සඳහා ඒකාබද්ධ අරමුදලෙන් රාජ්‍ය වියදම් දැරිය යුතු ආකාරය සඳහන් අයවැය චක්‍රලේඛයක් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත යොමු කර තිබේ.

මුදල් අමාත්‍යාංශය අදාළ නිවේදනයට අනුව එම කාලයේ රජයේ මුළු වියදම රුපියල් බිලියන 1043ක් ලෙස දක්වා ඇති අතර ඉන් බිලියන 398.8ක් වෙන් කර ඇත්තේ ප්‍රාග්ධන වියදම් සහ ණය ගෙවීම් සඳහාය.

ඒ යටතේ ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 107.26ක් ද සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 43.1ක් ද වෙන් කර තිබේ.

රජයේ වියදම් සඳහා එලෙස ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබාගන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබීම හේතුවෙනි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top