Pasidol
Sathosa Ad Final Sinhala
Feb 11, 2017

'වෙඩි කෑ' සයිටම් ලොක්කා රටින් පැනලා!

මාලඹේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න මහතා හදිසියේම විදේශගතව ඇත.

ඒ පොලිසියට දැනුම් දීමකින් ද තොරවය.

ඉකුත් දා ඔහුගේ රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් ඔහු විදේශගත වන්නේ නම් පොලිසියට පෙර දැනුම් දීමක් සිදුකළ යුතුව තිබූ බව පොලිස් මූලස්ථාන ප්‍රකාශකයෙකු පැවසුවේය.

කෙසේ වෙතත් පරීක්ෂණ සදහා අවශ්‍ය වුවහොත් ජාත්‍යන්තර පොලිසිය හරහා ඔහු මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ හැකි බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

වෛද්‍ය සමීර සේනාරත්න මහතා විදේශගතව ඇත්තේ ඊයේ දිනයේදී බව අනාවරණ වේ.


සබැඳි පුවත් :

සයිටම් වෙඩිල්ලේ සාක්ෂි පරස්පරයි !

සයිටම් වෙඩිල්ල ගැන සැකයක් !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top