මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කර ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර, 'අපරාධ විමර්ශන කටයුතු සඳහා විදේශ රාජ්‍යයකට යාමේදී අනුගමනය කළයුතු රාජ්‍යතාන්ත්‍රික පිළිවෙත් ගැන තමන් මනාව දන්නා බවත් තමා අතින් කිසිදු අවස්ථාවක එවැනි රාජ්‍යතාන්ත්‍රික පිළිවෙත් උල්ලංඝනය වී නොමැති බව' අවධාරණය කර ඇත.
මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ සිදුවීමට තමාගේ හෝ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ කිසිදු සම්බන්ධයක් නැති බව ද ඔහු පවසා ඇත.
'අපි ඇමරිකා ගියේ අභ්‍යන්තර කරුණු පරීක්ෂාවකට (Internal Fact Finding Mission) අපි ඒ බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට අපේ තානාපති කාර්යාලය හරහා පවා දැන්වූවා. මල්රාජ් ද සිල්වා කියලා පුද්ගලයෙක්ව ප්‍රශ්නකරන්න අපි උත්සාහ කළේ නෑ. අනික මල්රාජ් ද සිල්වා වෙනුවෙන් FBI ලෝයර්ස්ලා ඇවිල්ලා අපි ව අත්අඩංගුවට ගන්න හැදුවා කියන එක අමු කෙප්පයක්. කාටහරි වැඩිදුර කරුණු දැනගන්න ඕන්නං FBI එක හරි ශ්‍රී ලංකාවෙ කොන්සල් ජනරාල් ස්වර්ණා පෙරේරව හරි අමතලා විස්තර දැනගන්න පුලුවන්. අපි අපේ හැම ජාත්‍යන්තර විමර්ශනයක්ම සිදුකරන්නේ FBI එක්ක ඒකාබද්ධව. අපිට ඇමරිකාවට යන්න වීසා පවා ලබාදුන්නෙ ශ්‍රී ලංකාවෙ විදේශ අමාත්‍යංශය. ශ්‍රී ලංකාවෙ මහජන මුදල් කොල්ලකාපු එවුන් දන්නවා මේකෙ ප්‍රතිඵල භයානකයි කියලා. ඒක නිසා අපේ විමර්ශන අඩාල කිරීම තමයි ඒ අයගෙ මූලික අරමුණ. ගෝඨා හිතවාදී ජනමාධ්යනුත් ඒවා දෙක කරලා ප්‍රචාරය කරනවා. අපේ විමර්ශනවල ප්‍රතිඵල ඉදිරයට දැකගත හැකි වේවි. අපි එන්න කලින් දවසේ ඩිනර් එක පවා ඕගනියිස් කළේ FBI නිළධාරීන්.' යනුවෙන් රවී විද්‍යාලංකාර මහතා 'ලංකා නිවුස් වෙබ්' වෙත සඳහන් කර ඇත.
සබැදි පුවත්