Jun 27, 2020

කෝටි 50ක අල්ලසගත්තේ රංජිත් සියඹලාපිටිය? (වීඩියෝ) Featured

හිටපු අමාත්‍යවරයෙක් සූර්යබල ව්‍යාපෘතියක් අනුමත කිරීම සඳහා රුපියල් කෝටි පනහක මුදලක් ලබාගෙන ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා කරනු ලබන චෝදනාව සත්‍යනම් එය එල්ලවිය යුත්තේ එවකට එහි අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රංජිත් සියඹලාපිටිය මහතාට බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා කියයි.

ඒ සූර්ය බල විදුලි බලාගෙර ඉදිකරනු ලැබුවේ 2015 සහ 2018 අතර කාලවකවානුවේ බවත්, ඒ කාලයේ විශය භාර අමාත්‍යවරයාව සිටියේ රංජිත් සියඹලාපිටිය මහතා බැවින් යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියි.

ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටී.

නොරොච්චෝලේ කරච්චල්..

මේ අතර, නොරොච්චෝලේ නව ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම සඳහා නීති කටයුතු ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 17.5 ක මුදලක් වැයකරමින් බාහිර නීතීඥවරයෙකුගේ සේවය ලබාගැනීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ගත් තීරණයක් විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර විසින් වහා අත්හිටුවා තිබේ. 

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළේ දැනට විදුලිබල මණ්ඩලය තුළ නීති අංශයක් හා නීති නිලධාරීන් සිටින බැවින් ඔවුන්ගේ සේවය ලබාගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බවයි.

මේ අතර පුත්තලම - නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ අළු, වගාබිම්වලට පතිතවීම නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව කල්පිටිය - ඉලන්තඩිය ප්‍රදේශයේ ගොවීන් කියා සිටී.

මේ සම්බන්ධයෙන් නොරොච්චෝලේ බලාගාරයේ කළමනාකාරීත්වය පවසා ඇත්තේ ගල් අඟුරු දැවීමේදී ඇතිවූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් මෙලෙස ගල් අඟුරු අළු වායුගෝලයට නිකුත්වී ඇති බවයි. 

එය කෙටි කාලයක් තුළ සකස් කිරීමට කටයුතු කළ බවද ඔහු පැවසීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top