Jun 27, 2020

හරීන් පසුබසියි - අගරදගුරු බැහැදකියි (වීඩියෝ)

 සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මැතිවරණ ප්‍රචාරක ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතා අද (27) අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ බැහැ දකිනු ලැබීය.

ඒ කොළඹ අගරදගුරුතුමන්ගේ නිල නිවසේ දීය.

එම හමුවේදී ඔවුන් සුහද කතාබහක බහක යෙදී තිබේ.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා අගරදගුරුතුමන් විසින් ගෙන යන උතුම් කටයුතු උදෙසා සිය සහයෝගය මෙන්ම ගෞරවය ද පිරිනමන බව පවසා තිබේ.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂකු ද වන හරින් ප්‍රනාන්දු මහතා අගරදගුරුතුමන්ගේ දේශපාලනය හිරිකිත බව කියමින් කළ ප්‍රකාශයක් හේතුවෙන් පසුගිය දිනවල දේශපාලන කේෂත්‍රයේ විශාල කතාබහක් අතිවී තිබිණි.

එහිදී හරීන් ප්‍රනාන්ද්‍ර මහතා සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත් කිරීමට ගෝඨාභය මහතාට අගරදගුරුහිමිගේ සහය ලැබුණු බවට ද චෝදනා කර තිබිණි.

ඔහු එහිදී "අද මට මෛත්‍රිපාල සිරිසේන ගොයියව දැක්කම කොහෙන් හිනා වෙන්නද කියලා හිතෙන්නේ නැහැ. බිබිසි සිංහලෙන් මෙයාගෙන් අහනවා සම්මුඛ සාකචාජාවක් තියෙනවා ඔබතුමා මේකට වගකියනවද? මම මොකටද වග කියන්නේ? මම දන්නේ නැහැ. නොදකින් විතරක් මේ වගේ ජනාධිපති කෙනෙක්. මම බදුල්ලේ හිටියේ මට හෙලිකොප්ටරයක් එවලා ශවේන්ද්‍ර සිල්වා තමයි මාව අරන් ආවේ කොළඹට. අරගෙන ආවම මම ඉස්සෙල්ලාම ගිහිල්ලා තාත්තගෙන් ඇහුවා තාත්තා කොහොමද දන්නේ කියලා. තමුසෙට වඩා මම දන්නවනේ ඕයි. යනවා යන්න කිව්වා. පස්සේ මම හොයලා බලද්දී ඉස්පිරිතාලේ ලෙඩෙක් බලන්න ආපු CID එකේ නිලධාරියෙක්ම තමයි කියලා තියෙන්නේ. මාව මේ දවස් ටිකට විතරක් 8 පාරක් CID එකට අරන් ගියා. යකෝ මමද මැරුවේ? රටේ ඉන්න ජනාධිපතියා, බුද්ධි අංශය තියෙනවා, හමුදාව තියෙනවා, පොලීසිය තියෙනවා ඔක්කොම තියෙනවා මේ යකා දන්නේ නැහැ කියනවා නම්, ඕක පෙන්වන්න කියල රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා මාධ්‍ය සාකච්ජාවකට ඇවිත් කියන්න කියලා මට කිව්වා. මාත් ඉතින් මෝඩයා වගේ. මගෙන් කවුරු හරි මාධ්‍ය වේදියෙක් ඇහුවාම මම කිව්වා මට තියෙන ප්‍රශ්නේ මේ හමුදාව පොලීසිය කොහොමද ඕයි දන්නේ නැහැ කියන්නේ මගේ ලෙඩ ඇදේ ඉන්න තාත්තත් දන්නවනේ කියලා. අම්මට උඩු කැරකිලා ආපියකෝ මටම. දැන් වාර්තා එවලා තියෙනවා මේ මිනිහට කියලා තියෙනවා. බුද්ධි අංශයට කියලා තියෙනවා, ඉන්දියාවෙන් කියලා තියෙනවා, පැය භාගෙකට ගන්න ඉස්සෙල්ලත් කියලා තියෙනවා කියලා. හැබැයි මේක පිටිපස්සේ තියෙන්නේ වෙන සෙල්ලමක්. දැන් ඔන්න රටේ නායකයෙක් ආවා. එතකොට 42%ක් සජිත් මහත්තයට 52%ක් ගෝඨාභයට. හොදට කල්පනා කරන්න ඕනේ මෙතන තියෙන ගේම මොකක්ද කියලා. ගෝඨාගේ ගොඩෙන් 5%ක් සජිත් මහත්තයට වැටුණා නම් 47යි 47යි. කවුද මේ 5% වෙනස් කළේ? දැන් හිතාගන්න පුළුවන් නේ කවුද කියලා? කතෝලික ජන්ද වලට ගැහුවා පාස්කු ප්‍රශ්නයෙන්. ගේමක් ගහලා දුන්න කතෝලික ජන්ද 80%ක් සාමාන්‍යයෙන් ගහන්නේ එක්සත් ජාතික පක්ෂයට. එතනට දුන්න ෂොට් එක. ඒකට ගියා අගරදගුරු හිමිපාණන් ගාවට ගියා. එයා දුන්න මරු දේශපාලනයක්. මම මේවා කවදාවත් කිව්වේ නැහැ. මොකද මටත් කතෝලික සම්භවයක් තියෙනවා. හැබැයි ඔය අගරදගුරු තනිකරම දේශපාලන කිරීම ගැන මට හිරිකිතයි. මම දවසක් එයාට කෝල් කළා. පලවෙනි පාර තමයි මම මාධ්‍යයේ කියන්නේ. ඔය ප්‍රශ්නේ වුනාම එයා කිව්වනේ ඇමැති පුතා බේරුණා අපේ මිනිස්සු මැරුණා කියලා. මොන අත්භූත කතාවක්ද ඒක? ඒ කළේ තනිකර දේශපාලනය.

ඒක තමයි ඒ 5% ගේමේ ඇතුලේ හිටපු මිනිස්සු මේ.” මෙසේ පවසා තිබිණි. (දර්ශන අනුග්‍රහය - හිරු)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top