Jun 30, 2020

මැතිවරණය මුවාවෙන් සමාජ මාධ්‍ය වල අමුතු ගේමක් Featured

2020 මහ මැතිවරණ සමීක්ෂණ මුවාවෙන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා මහජනතාවගේ පෞද්ගලික දත්ත රැස් කිරීමේ ක‍්‍රියාවල ඉහල යාමක් නිරික්ෂණය වන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

මහමැතිවරණ සමීක්ෂණ සිදුකිරීමට බව පවසමින් සහ යම් කණ්ඩායම් වල සාමාජිකත්වය ලබාගැනීමට කටයුතු කරන ලෙස දන්වන ලද සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය වන දැන්වීම් ආශ්‍රයෙන් මෙසේ මහජනතාවගේ පෞද්ගලික දත්ත රැස් කිරීමක් සිදුවන බව ඔවුන් සඳහන් කරයි.

මෙවැනි දත්ත රැස් කිරීමේ ක්‍රියා සම්බන්ධයෙන් විමසිලිමත්ව පසුවන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස මහජනතාවට දැනුම් දී සිටියි.

යම් හෙයිකින් පෞද්ගලික දත්ත යම් ක්‍රියාවලියක් සදහා ලබාදෙන්නේ අදාල පාර්ශවය ඒවා භාවිතා කිරීමට බලාපොරොත්තු වන්නේ කුමන ක්‍රියාවලීන් සදහා දැයි දැනුවත්වන ලෙස එම සංගමය මහජනතාවට දැනුම් දෙයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top