Jun 30, 2020

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධානියාට ස්ථාන මාරු Featured

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පොලිස් සුබසාධක කොට්ඨාසය වෙත මාරු කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිසම වෙත නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

පුරප්පාඩු වන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධානී ධුරයට නියෝජ්‍ය පොලිස්පති ජී.කේ. අපෝන්සු මහතා පත් කරන ලෙස නිර්දේශ කර ඇති බව පැවසේ.

අදාළ නිර්දේශ සළකා බැලීම සඳහා අනිද්දා පොලිස් කොමිසම රැස්වීමට නියමිතව තිබේ.

නිළධාරින් 4කගේ සේවය අත්හිටුවයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග තිබු සබඳතා හේතුවෙන් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිළධාරින් 04 දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු / සැරයන්වරුන් 02 දෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය මෙලෙස අත්හිටවු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top