Jun 30, 2020

තවත් වසංගතයක් විය හැකි උණක් චීනයෙන්! Featured

තවත් පැන්ඩෙමික් තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි නව උණ රෝගයක් චීනයේ පැතිර යන බව වාර්තා වේ.

ඌරන් මඟින් පැතිර යන මෙම උණ රෝගය, මිනිසාට වැළඳීමේ හැකියාවක් ඇති බව විද්‍යාඥයින් අනාවරණය කර තිබේ.

මෙය ඉතා හදිසි ගැටළුවක් නොවන නමුත්, මිනිසුන් හට ආසාදනය වීමට හැකිවන ලෙස අනුවර්තනය වීමේ “සියලු සලකුණු” මෙම වෛරස් උණ රෝගය සතු බැවින් ඉතා සමීපව අධීක්ෂණය කළ යුතු බව ඔවුන් අවධාරණය කරයි.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ මෙම උණ රෝගය 2009 මෙක්සිකෝවෙන් ආරම්භ වූ සූකර උණ වසංගත රෝගයේ ලක්ෂණ වලට සමාන වුවත්, මෙම රෝගයේ ඊට වෙනස් ලක්ෂණ ඇති බවයි.

ඌරන් තුළ වෛරසය පාලනය කිරීමට සහ සූකර කර්මාන්ත සේවකයින්ව සමීපව අධීක්ෂණය කිරීමට පියවර ගැනීම අවශ්‍ය බව මෙම විද්‍යාඥයන් Proceedings of the National Academy of Sciences නම් විද්‍යා ජර්නලයේ සඳහන් කර ඇත.

(බීබීසී ඇසුරෙනි)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top