Jun 30, 2020

රාජිත පෙත්සම අකුලා ගනියි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති අභියාචන පෙත්සම අද (30) ඉල්ලා අස්කර ගෙන තිබේ.

තම සේවාදායකයා මේ වන විට ඇප මත මුදාහැර ඇති බැවින් ඉදිරියට මෙම පෙත්සම පවත්වාගෙන යාමට අදහස් නොකරන බව රාජිත සේනාරත්න මහතාගේ නීතිඥවරයා අද අධිකරණයට දැනුම් දී ඇත.

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රාජිත සේනාරත්න මහතාට ඇප අවලංගු කිරීමට කොළඹ මහාධිකරණය කළ නියෝගය අභියෝගයට ලක්කරමින් ඔහු විසින් අභියාචන පෙත්සමක් ගොනු කර තිබුණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top