Jun 30, 2020

නිල වාහන භාර නොදුන් ඇමතිලා ගැන විමර්ශන  

මෙතෙක් නිල වාහන භාර නොදුන් හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනෙකු පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක වන බව ජාතික මැතිවරණ කොමිසන් සභාව පවසයි.

සෙසු රාජ්‍ය අමාත්‍යවරුන් සම්බන්ධයෙන් ද සිය අවදානය යොමු කර ඇති බව එම කොමිසම සඳහන් කරයි.  

නිල වාහන සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් එම අමාත්‍යවරුන් කටයුතු කළ අමාත්‍යාංශ වෙත වහාම භාර ගැනීමට පියවර ගන්නැයි සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට නියෝග කළ බව මැතිවරණ කොමිසම පැවසුවේ ය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top